Friday 19th of June 2026

English Tamil
Advertiesment


Prado ගන්න කෝටි 350න් එන්නත් ලක්ෂ 81ක් ගන්න පුළුවන් 


2021-05-26 14905

කොරෝනාවේ මාරයා "Prado" වැක්සීනය ද..?

 

රටේ වියතුන්ගේ නිර්දේශය "Prado" වැක්සීනයයි 

 

 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

බැලූ බැල්මට "COVID-19" සහ "Prado" අතර සම්බන්ධතාවක් තිබිය නොහැක. එහෙත් සැබවින්ම ඒ අතර දැඩි සම්බන්ධතාවක් තිබෙන බව වියත් මතයයි. 2021 මැයි මස 21 වැනිදා "NewsHub" හි පළවූ ලිපියකින් ඒ බව පසක් විය. 

ඒ අනුව ආණ්ඩුව ලංකා බැංකුව මාර්ගයෙන් රුපියල් මිලියන 3,500ක වියදමක් දරා "Prado" රථ 227ක් ඇතුළුව මුළුමනින් වාහන 399ක් ආනයනය කිරීම සඳහා 2021 අප්‍රේල් 29 වැනිදා ණයවර ලිපි (LC) විවෘත කර තිබේ. රටේ කොරෝනා රෝග ව්‍යාප්තිය උග්‍ර අතට හැරී ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වන කාලයක ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ එන්නත්, ICU කට්ටල, සහ ඔක්සිජන් යනාදිය ගෙන්වා රට වැසියා එම වසංගතයෙන් සහ මරණයෙන් මුදා ගැනීමට සෑම උත්සාහයක්ම දැරීමය. 

සාමාන්‍ය මිනිසුන්ගේ මනසට දැනෙන්නේ එසේය. එහෙත් වියතුන්ගේ මනසට ඊට වඩා වෙනස් දේ දැනෙයි. ඒ අනුව වියතුන් හිතන්නේ කොරෝනාවේ මාරයා "Prado" කියාය. තවද රථ වාහන ගෙන්වීමේ බලපත්‍ර හිමි රාජ්‍ය නිලධාරීන්ට ද කඩිමුඩියේ වාහන ගෙන්වීමට ඉඩ සලසා දීමට අගමැති කාර්යාලය තොරතුරු රැස් කරමින් සිටීයි. 

වාහන ගෙන්වීමට දරන රුපියල් 3,500,000,000 හෙවත් කෝටි 350 යොදවා ඩොලර් 2.19 බැගින් වන "AstraZeneca" එන්නත ගෙන් වුවහොත් මාත්‍රා 8,112,556ක් ගෙන්වා ගත හැකිය. එම ප්‍රමාණය එන්නත අවශ්‍ය වන ජන ගහනයෙන් අඩකට පමණ සෑහේ. එහෙත් මේ වෙලාවේ වඩාත් බලවත් එන්නත වන්නේ "ප්‍රාඩෝ එන්නත" (PradoVaccine) බව වියතුන්ගේ මතයයි..!

-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
නිර්මාතෘ සහ පීඨාධිපති 
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව 
කළමනාකරණ පීඨය 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment